ජර්මානු රජය නව කොරෝනා වෛරසය මැඬපැවැත්වීම සඳහා ගෙන ඇති සීමාවන්ට විරෝධය දැක්වීම සඳහා එරට අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් දස දහස් ගණනක පිරිසක් ඊයේ (01දා) බර්ලිනයේ බ්රැන්ඩන්බර්ග් ගේට්ටුව අසලට පාගමනින් රැස්ව තිබේ.
එදිනම මෙම විරෝධතාවයට පෙර සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ නීති පිළිපැදීමෙන් තොරව පැවති පාගමනක් පොලීසියේ විරෝධය මත විසුරුවා හැරුණත්, දහස් ගණනක් සහභාගී වූ මෙම විරෝධතාවයේ සෞඛ්යාරක්ෂණ නීති තඹයකට මායිම් කර නොතිබුණි.
සංවිධායකයින් විසින් 'නිදහස් දිනය - වසංගතයේ අවසානය' ලෙස නම් කරන ලද මෙම පාගමනට එන්නත්-විරෝධී කණ්ඩායම් සහ අන්ත දක්ෂිනාංශික හා නාසිවාදී සංවිධානයන්ද ඇතුළත් විය. පාගමන අතරතුර සමහර විරෝධතාකරුවන් "අපි දෙවන රැල්ල" යැයි කෑගසන ආකාරදයද දැකගත හැකි විය.
ජර්මනියේ රෝග පාලනය හා වැළැක්වීමේ ඒජන්සිය වන රොබට් කොච් ආයතනයේ දත්තවලට අනුව, මැයි මස ආරම්භයේ සිට ප්රථම වරට පැය 24ක කාල පරාසයක් තුළ ජර්මනිය නව කොරෝනා වෛරසය ආසාදිතයන් 955ක් වාර්තා කර තිබුණි. එසේ ආසාදිත පොකුරු යළි නැගිටීම් පෙන්නුම් කරන පසුබිමක මෙම දැවැන්ත විරෝධතාව සංවිධානය වීම මුල් අදියරේදී යුරෝපය තුළ වසංගතය වඩාත් සාර්ථකව පාලනය කළ ජර්මනියද අනතුරේ හෙළීමක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.