නව කොරෝනා වෛරසය ආසාදන සම්බන්ධයෙන් ජර්මනිය තවත් දෛනික වාර්තාවක් තැබූ බව රටේ රෝග පාලන මධ්‍යස්ථානය වාර්තා කරයි.
රොබට් කෝච් ආයතනය පැවසුවේ සෙනසුරාදා දිනයේ නව ආසාදන 7,830ක් තහවුරු වී ඇති අතර, එය පෙර දිනට සාපේක්ෂව ආසාදන 500ක පමණ වැඩිවීමක් බවයි.
එම කාලය තුළ රෝගීන් 33 දෙනෙකු මිය ගිය අතර ජර්මනියේ සමස්ත මරණ සංඛ්‍යාව 9,776ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
ජර්මානු රජය තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියද, එරට ඇතැම් පළාත්වල තත්ත්වය පාලනයෙන් ගිලිහීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.