ඇන්ජෙලා මර්කල්ගේ පාලක ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂය එලැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයෙන් සිදුවිය හැකි දේ පිළිබඳ ඇඟවීමක් කරමින් ප්‍රධාන ප්‍රාදේශීය ඡන්ද දෙකකින් දුර්වල ප්‍රතිඵල පෙන්වා තිබේ.
ඒ අනුව ඇයගේ පක්ෂය බේඩන්-වර්ටම්බර්ග් සහ රයින්ලන්ඩ්-ප්ලටිනේට් හි සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් හතරෙන් එකක් පමණක් හිමි කරගෙන තිබේ.
ජර්මානු චාන්සලර්වරිය ලෙස වසර 16කට පසු මර්කල් එලැඹෙන මහ මැතිවරණයේදී එම ධුරයෙන් ඉවත් වීමට නියමිතය.
කෙසේ වෙතත් ඇය නියෝජනය කරන පක්ෂය කොරෝනා වසංගතය හමුවේ ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇති අතර, එන්නත්කරණය ප්‍රමාද කිරීම මෙන්ම, මුඛ ආවරණ ප්‍රසම්පාදනයේදී කොමිස් මුදල් ලබාගැනීමේ චෝදනාවන්ද එම පක්ෂයේ දේශපාලඥයන්ට එල්ල වී තිබේ.