ජෝර්දානයේ ජනතාව කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීමේ වැඩසටහන් දියත් වී දිනකට පසුව, ඊයේ (14දා) එරට 2 වැනි අබ්දුල්ලා එන්නත ලබාදී තිබේ.
අබ්දුල්ලා රජු ඔහුගේ පුතා සහ ඔටුන්න හිමි හුසේන් කුමරු සහ ඔහුගේ මාමා වන හසන් කුමරු සමග එන්නත ලබාගත් බව රාජකීය මාළිගාව ට්විටර් ගිණුමේ සඳහන්ව ඇත.
ජෝර්දානය එරට කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ සෞඛ්‍ය සේවකයින්ට, නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට සහ වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත් ලබාදෙමිනි.
හදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නත අනුමත කළ බව පසුගිය සතියේ එක්සත් රාජධානිය නිවේදනය කළ අතර, එක්සත් ජනපද-ජර්මානු ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතටද ජෝර්දානය තුළ කොළ එළියක් ලැබී ඇත.