ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ, ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් අමතා, ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන් ප්‍රාන්තයේ ලැබූ ජයග්‍රහණය අවලංගු කරන ලෙස ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ට ඒත්තු ගැන්වීමට ඔහුට බලපෑම් කර ඇති බව අනාවරණය වී තිබේ.
ට්‍රම්ප් කෙම්ප්ගෙන් ඉල්ලා ඇත්තේ විශේෂ සැසියක් කැඳවා තමාට සහාය වන තමන්ගේම ඡන්දදායකයන් තෝරාගන්නා ලෙස ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ට ඒත්තු ගැන්විය යුතු බව යැයි ඇමෙරිකානු මාධ්‍ය අනාවරණය කරයි. නොලැබුණු ඡන්ද අත්සන් විගණනය කිරීමට නියෝග කරන ලෙස ඔහු රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් එවැනි විගණනයක් ඇණවුම් කිරීමට තමාට බලයක් නොමැති බවත් විශේෂ සැසියක් කැඳවීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් ආණ්ඩුකාර කෙම්ප්, ජනාධිපති ට්‍රම්ප් වෙත පවසා ඇතැයිද වාර්තා වෙයි.
මෙම ඇමතුම පිළිබඳව අදහස් දැක්වීම ධවල මන්දිරය ප්‍රතික්ෂේප කළ අතර, එය මුලින්ම වාර්තා කළේ වොෂිංටන් පෝස්ට් පුවත්පත විසිනි.