සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ව්‍යාජ ලිපි ලේඛණ යොදාගෙන නිලධාරින් නොමග යවා ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය මගින් අද (12දා) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
දඹුල්ල ජාතික පාසලේ සිදු කෙරෙන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය අවස්ථාවේ දී 11 දින පස්වරුවේ දඹුල්ල නගරයේ ග්‍රාම සේවා වසමේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ව්‍යාජ ලිපි ලේඛන සකසා එන්නත ලබාගෙන ඇති බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පොලීිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඒ.එස්.කේ. බණ්ඩාර මහතා පැවසීය.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් වරයාගේ අත්සනින් යුතුව දඹුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 60 ක් ඉක්මවූ පුද්ගලයන් සඳහා එන්නත් කිරීම් සදහා මෙම පෝරම ග්‍රාම නිලධාරින් හරහා ලබාදී ඇත
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලේකම්වරයා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එන්නත ලබා ගැනීමේදී පුරවන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ පෝරම දෙකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළින්ම හොර රහසේ පිටතට ගොස් පුද්ගලයන් දෙදෙනකු මෙම එන්නත ලබාගෙන ඇතැයි දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි දඹුල්ල සහකාර පොලිස් අධිකාරී බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව 12 දින විශේෂ පොලිස් කණ්ඩායමක් ව්‍යාජ ලෙස එන්නත් ලබා ගත් පුද්ගලයන් දෙදෙනා පුරවා ඇති පෝරම දෙක පොලිස් භාරයට ගෙන තිබේ.
වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට ලබා දෙන මෙම එන්නත් මාත්‍රා ව්‍යාජ ලෙස ලබාගෙන ඇත්තේ වයස අවුරුදු හතළිස් දෙකක් වයස අවුරුදු හතළිස් 45ක් යන වයස්වල දඹුල්ල නගරයේ පදිංචිකරුවන් බව පරීක්ෂණ පවත්වන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති.