උතුරේ මන්ත්‍රීවරුන්ට සිය ආසනවල සංවර්ධන කටයුතු සදහා පමණක් රුපියල් මිලියන 300 ක් ලබාදුන් එකම රජය යහපාලන ආණ්ඩුව බවත්, නව ජනපති හා අගමැති සමග උතුරුකරයේ ශිඝ්ර සංවර්ධනයක් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවූරු කිරිම වෙනුවෙන් උතුරු පළාතේ මාන්කුලම් ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් සදහා එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“අග්‍රාමාත්‍යතුමා ඇතුලු අපි ඊයෙත්, අදත් මෙම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා. අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා යාපනය, මන්නාරම, කිළිනොච්චි ප්‍රදේශවල රැස්වීම් ගණනාවක් ඇමැතුවා. එදා මහින්ද පාලනය අවසන් කරන්න උතුරේ සියලු ජනතාව අප සමග එක් වුණා. ගිය සැරේ අයියව පැරද්දුවා. මේ සැරේ මල්ලිව පරද්දමු කියලා මම කියනවා. 2015 න් පස්සේ තමුන්නාන්සේලා බලාපොරොත්තු වුණ සියලු දේ සමහරවිට ලැබෙන්න නැතිව ඇති. අපේ මේ රජය යටතේ උතුරට නිදහස ලබා දුන්නා. ප්රජාතන්ත්රවාදය, අයිතිය ලබලා දුන්නා. නිදහසේ කථා කරන්න, සිතන්න, ලියන්න අයිතිය ලබාදුන්නා. 2015 ට කලින් මේ එක නිදහසක් වත් උතුරට තිබුණේ නැහැ. අපි උතුරේ විශාල සංවර්ධන වැඩකටයුතු කළා. ඔබලාගේ නිවාස ප්රශ්නය විසඳිමට අපි අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
තමුන්නාන්සේලාගේ කිසිම දේශපාලන පක්ෂයක් විශාල කාලයක් ආණ්ඩුවේ සිටියේ නැහැ. හැමදාම හිටියේ විපක්ෂයේ. එම නිසා ඔබලාගේ ප්‍රශ්න ආණ්ඩුවට කියලා විසඳා ගන්න බැරි වුණා. මේ අවුරුදු 04දි ද්‍රවිඩ සන්ධානය ආණ්ඩුවේ ඇතුලේ හිටියේ නැති වුණාට ආණ්ඩුවට හිතවත්ව සිටි නිසා ඒ බොහෝ ප්‍රශ්න විසඳන්නට හැකියාව ලැබුණා. උතුරුකරයේ ආණ්ඩුව සමග සම්බන්ධ වෙලා ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආසනවල සංවර්ධන කටයුතු වලට රුපියල් මිලියන 300 ක් යහපාලන රජය ලබා දුන්නා. ඉතිහාසයේ කිසිම රජයක් එක ආසනයකට එවැනි මුදලක් වියදම් කරලා නැහැ.
මීට වඩා ශිඝ්ර සංවර්ධනයක් අලුත් ජනාධිපති හා අගමැති එකම ආණ්ඩුවක සිටිම තුළ නොවැම්බර් 17 න් පසු ද ගෙනයනවා. අපි එදා සිටම අද දක්වා උතුරේ දේශපාලන කටයුතුවල නිරත වුණා. උතුරේ සහ දකුණේ අපේ නායකයින් අන්තවාදීන් විසින් මරා දැමුවා. රට හදන්න පුළුවන් නායකයින් රැසක් අපට අහිමි වුණා. තරුණ බුද්ධිමතුන් අපට නැති වුණා. වැදගත් දේශපාලන නායකයින් මිය ගියා. ඒ සියලු නායකයෝ මරුණාට පස්සේ ඉතුරු අය තමයි අද නායකයෝ වෙලා ඉන්නේ. හමුදා පාලනයක් නැවත අපේ රටේ ඇතිකර ගන්න බැහැ. අපි නොවැම්බර් 17 ජයග්රහණයෙන් පසු නැවත සංවර්ධනයේ අරුණළු සමග උතුරට එනවා ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.