ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් වියට්නාමයට පරිත්‍යාග කරයි
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වියට්නාමයට පරිත්‍යාග කිරීමට නියමිතය. අද (20දා) සවස 4.30ට පැවැත්වෙන ආගමික උත්සවයකදී මෙම ශාඛා වහන්සේ වියට්නායමට පූජා කිරීමට නියමිතය.
පූජ්‍ය අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ හා කථානායක කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිමළුවේදී මේ පිංකම සිදුකෙරේ.

popular news
-
Champa Friday, 20 July 2018 06:44 PM
කොහොමද කලේ? ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අත්තක් කැපුවද? එහෙම කොහොමද? ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අයිතිය ආණ්ඩුවට දුන්නේ කවුද? කෙහෙන්ද අත්ත? වැටිච්ච එකක්ද?
Reply : 0 0
Champa Friday, 20 July 2018 09:39 PM
මට කියන්න ඕනේ වුනේ මීට කලිනුත් මේ විදියට බෝ පැල වියට්නාමෙට දීල තියෙනවා. දැන් ඉන්දියාවේ බුද්ධගයාවේ තියෙනව කියන බෝධිය, ඒකේ අතුත් මේ විදියට දෙනවද? නැහැනේ? ඉන්දියාව කියනවා ඒ බෝධිය මුල් බෝධියෙන් පැවතෙන ගහක් කියල 288 BC හිටවපු. නමුත් අපේ ජය ශ්‍රී මහා බෝධියත් පැල කළා කියන්නේත් 288 BC. ඉන්දියාවේ තියෙන බෝධිය කිහිප සැරයක් කපල දාලා, විනාශ කරලා පස්සේ සැරින් සැරේ අතු ආපහු ලියලපු බෝධියක්. 1811 ආචාර්ය හැමිල්ටන් කියල සුද්දෙක් පර්යේෂණයක් කරලා කියල තියෙනව එතකොට බුද්ධගයාවේ තිබ්බ බෝධිය අවුරුදු සීයක් විතරයි පරණ කියලා. නමුත් අපේ ජය ශ්‍රී මහා බෝධිය මේ වර්ගයේ ලෝකේ තියෙන පැරණිම ගස කියලා හඳුනා ගෙන තියෙනවා. ජය ශ්‍රී මහා බෝධියේ වටිනාකම කියන්නයි මේ ටික කිව්වේ. දානයෙන් දානය උතුම් දානය කියන බව ඇත්ත. නමුත් ලෝකෙටම තියෙන එකම ඉපැරණි බෝධිය අපේ ජය ශ්‍රී මහා බෝධිය විතරයි කියන එකත් මතක තියා ගන්න ඕනේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

