කොටහේන ජම්පටා වීදියේ ඊයේ (24දා) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුන පුද්ගලයන් දෙදෙනෙකු ජම්පටා වීදියේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබූ අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ කුඩු සෙල්වි නමැති මීට පෙර ඝාතනයට ලක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ස්වාමිපුරුෂයා බව පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුකර ඇති අතර කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
