දශක පහක සිනමා දිවියේ ජේම්ස් බොන්ඩ් චරිතයේ ආධිපත්‍යය දැරූ ස්කොට්ලන්ත රංගන ශිල්පී ෂෝන් කොනරි වයස අවුරුදු 90 දී සිය දිවි ගමනට සමුදී ඇති බව වාර්තා වෙයි.
ෂෝන් නින්දෙන්ම ඉතා සාමකාමීව අවසන් ගමන් ගිය බව ඔහුගේ ප්‍රකාශකයෙකු නිවේදනය කර තිබුණි.
"ඔහුගේ බිරිඳ මයිකල් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන ජේසන් සහ ස්ටෙෆාන් පවුලේ අය ඔහු අසල සිටියදීම, නින්දේදීම ඔහු සාමකාමීව අවසන් ගමන් ගියා. අවසන් කටයුතු පෞද්ගලිකව සිදුවන අතර, වසංගතය අවසන් වූ පසුව අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට තවම සැලසුම් කර නැහැ." එහි වැඩිදුරටත් දැක්වුණි.
කලාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් 2000 දී නයිට් පදවියක් දිනාගත් ෂෝන් කොනරි, බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු ලෙස චිත්‍රපට හතක රඟපෑ අතර, 1962 දී 'Dr. No' සමග ආරම්භ වූ මෙය බොන්ඩ් චිත්‍රපටවල පළමු වැන්න විය.
එසේම ඔහු බොන්ඩ් චිත්‍රපටවලට පමණක් කොටු නොවූ අතර, තවත් චිත්‍රපට රැසකට සිය දායකත්වය දක්වා තිබුණි. එසේම 1983 දී 'Never Say Never Again' චිත්‍රපටයෙන් ඔහුගේ බොන්ඩ් සම්බන්ධතාව අවසන් කිරීමට පෙරදීත්, ඔහු එම භූමිකාව ඊට පෙර අවස්ථා දෙකකදී අත්හැරියේය.