ජපුර අනතුර නවක වද සිදුවීමක්දැයි පරීක්ෂණ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අදාළ සිදුවීම නවකවද සිද්ධියක් පදනම් කරගෙන සිදුවූවක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි.
කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් වන පසිඳු හිරුෂාන් මෙසේ අනතුරට ලක්ව තිබේ.
උස් ස්ථානයක සිට ටයරක් සිසුවාගේ හිසට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එයින් ඔහුගේ හිසට හා මොලයට හානි සිදුවී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
popular news
-
ranjith Tuesday, 10 March 2020 12:14 PM
ටයරයක් නිකන් ඔලුවට වෙටෙනවද මේ අපරාදය කරපු උන් ගෙදරම යවන්න සීසීටීවී ගලවන්නේ මුන්ගේ කදප්පොලි වේද අහුවෙනවට වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
