ජපාන ආයෝකයන්ටම වෙන්වූ ආයෝජන කලාපයක් ගැන සාකච්ඡා
ජපාන ආයෝකයන් සඳහා වෙන්වූ ආයෝජන කලාපයක් ශ්‍රී ලංකාව තුළ ස්ථිපිත කිරිමේ හැකියාව පිළිබඳව ජපාන ආයෝජකයන් සමග සාකච්ඡාවක් පැවැත්වූ බව සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි. එම අමාත්‍යාංශයේදී මෙම හමුව පවත්වා තිබේ.ජපානයේ ප්රමුඛ පෙළේ ආයෝජන සමාගමක ඉහළ නිලධාරින් පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවැත්වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ජපානයේ පුමුඛපෙලේ ආයොජන සමාගමක ඉහළ නිළධාරින් පිරිසක් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද නියොඡ්‍ය අමාත්‍ය නලින් බන්ඩාර ජයමහ මහතා එම අමාත්‍යාංශයේදි හමුවිය . ජපාන ආයෝජකයන් සදහා වෙන්වු ආයොජන කලාපයක් ශිුලංකාව තුල ස්ථාපිත කිරිමේ හැකියාව පිලිබදව මෙහිදි සාකච්ඡා කෙරිණි .
— Nalin Bandara (@mpNalinBandara) January 30, 2019
popular news
-
Champa Thursday, 31 January 2019 10:03 AM
යකෝ මේක පුදුම වැඩක්නේ. හැම රටටම කලාප වෙන් කරනවා හරියට අම්ම අප්පගෙන් ලැබුණු බූදලේ වගේ. චීනට එක කලාපයක්, කොරියන් කාරයට එක කලාපයක්, ඉන්දියන් කාරයට තව කලාපයක්, ඇමරිකන් කාරයට තව කලාපයක්, සිංගපූරු කාරයට තව කලාපයක්, ජපනට තව කලාපයක්. ලංකාවේ හොඳම අක්කර දහස් ගණන් විදේශිකයන්ට දෙනවා බම්බු කලාප හදන්න. දැන් ජපානෙට දෙන්නේ ත්රිකුනමලෙන් පහලට තීරේද?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

