නිරිත දිග ජපානයට ඇතිවූ ගංවතුර හා නායයෑම්වලින් මේ දක්වා කිසිම ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වී නැතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ට්විටර් පණිවියක දැක්වෙන්නේ ඒ බව ජපාන බලධාරීන් තහවුරු කළ බවයි.
ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, පළාත් රාජ්‍ය නිලධාරීන්ද ඇතුළු බලධාරීන් මේ සම්බන්ධව සමීපව කටයුතු කරමින් සිටින බවත් ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.
මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ දක්වා පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට ප්තව ඇති විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජපන් ටයිම්ස් පුවත් සේවය පවසන්නේ තවත් පුද්ගලයන් 50ක් පමණ අතුරුදන්ව ඇති බවයි.


