කොරෝනා වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද (16දා) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.
ජපානයේ , නරීටා ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන එම ගුවන් යානය අලුයම 3.38 ට කටුනායකට පැමිණියේය.
මෙම මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැපැමිණීමෙන් පසුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජ හරණය කිරීමකට ලක් කෙරුණි.
ඉන් අනතුරුව ඔවුන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී ද යන්න , ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් එක්ව පරීක්ෂා කර බැලීය. මෙම සියලු පරීක්ෂණ නිමාවට පත් වූ පසු , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මගින් ඔවුන් නිරෝධායන කටයුතු සදහා රැගෙන ගියේය.