ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සඳහා තවත් පුහුණුලාභීන් පුහුණුලාභීන් 08ක් පිටත්ව යෑමට නියමිතය.
ඔවුන් සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් පිරිනැමීම විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් සිදුවිය
මෙම පිරිස ජපානයේ පුහුණුව සඳහා පිටත්වන 15 වන කණ්ඩායම වන අතර මේ පිරිසට සාත්තු සේවා අංශයේ රැකියා පුහුණුව සඳහා කාන්තා ශ්‍රමිකයින් 6 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා පුහුණුව සඳහා පිරිමි ශ්‍රමිකයින් 8 දෙනෙකුද ඇතුළත් විය.
මොවුන්ගේ වලංගු වීසා කාලය වසර 3ක් වන අතර, සම්පූර්ණයෙන් නොමිළේ සිදුකරන මෙම වැඩසටහන මගින් කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු හැර වෙනත් කිසිදු මුදලක් මෙම පුහුණු ලාභීන්ගෙන් අය නොකරයි.
සීමාවාසීක රැකියා පුහුණු වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රමිකයින් 102ක් ජපානයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, තවත් 110 පිරිසක් ජපන් රැකියා සදහා පිටත්ව යාම සදහා පුහුණුව ලබමින් සිටිති.