ජපානයේ ඔසාකා ප්‍රාන්තයේ බරපතල රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 රෝගීන් සඳහා රෝහල්වල ධාරිතාව ආසන්න වී ඇති අතර, ඇඳක් නොමැති රෝගීන් සඳහා පොරොත්තු මධ්‍යස්ථාන විවෘත කිරීමට සිදුව ඇති බව කියයි.
අඟහරුවාදා වන විට නගරයේ බරපතල රෝග ලක්ෂණ සහිත රෝගීන් සඳහා ඇඳන් ධාරිතාව 98.9%ක් දක්වා ඉහළ ගොස් ඇත. ගිලන්රථ කැඳවූ නමුත් ඇඳන් හිඟකම නිසා ඇතුළත් කර ගැනීමට නොහැකි වූ රෝගීන් සඳහා ඔක්සිජන් පහසුකම් සහිතව රජය පොරොත්තු මධ්‍යස්ථාන දෙකක් විවෘත කර ඇත.
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සති කිහිපයක් තිබියදී ජපානයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දැකිය හැකි අතර, ටෝකියෝ, කියෝතෝ, ඔසාකා සහ හයෝගෝ යන ප්‍රාන්ත සියල්ලම මැයි 11දා දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
අඟහරුවාදා වනවිට ජපානයේ පුද්ගලයින් 609,603කට කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 10,466ක් වෛරසය ආසාදිතව මියගොස් තිබේ.