බටහිර ජපනයේ නගරයක් විසින් ටෝකියෝ ඔලිම්පික් පන්දම් ඒ හරහා රැගෙන යාම කොවිඩ්-19 වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් අවලංගු කර තිබේ.
"අපි මට්සුයාමා නගරයේ ඔලිම්පික් පන්දම රැගෙන යාම අවලංගු කරනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සම්බන්ධ නොවන අයුරින් පන්දම පැමිණීම සමරනවා" ප්‍රාන්ත ආණ්ඩුකාර ටොකිහිරෝ නකමුරා පැවසීය.
එහි කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාමත් සමග හදිසි වෛද්‍ය සේවාවන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවද නකමුරා වැඩිදුරටත් පැවසීය.