කොවිඩ්-19 වසංගතය මැඬපැවැත්වීම සඳහා ජපානය ටෝකියෝ ඇතුළු කලාපවල ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය සැප්තැම්බර් 12දා දක්වා දීර්ඝ කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ජපාන රජය කොවිඩ්-19 හදිසි නීතිය අතිරේක ප්‍රාන්ත හතක් දක්වා ව්‍යාප්ත කරන බවද එම වාර්තාව පවසයි.
එමෙන්ම අගෝස්තු 24දා සිට සැප්තැම්බර් 5දා දක්වා පැවැත්වෙන ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් සියලුම ස්ථානවල නරඹන්නන් තහනම් කිරීමට තීරණය කර ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.