ඔලිම්පික් සත්කාරක ටෝකියෝවේ අනෙකුත් නාගරික ප්‍රදේශවල ආසාදනයන් ඉහළ යෑමත්, ඩෙල්ටා ප්‍රභේදය පෙර නොවූ විරූ වේගයකින් රටපුරා පැතිර යෑමත් සමග ජපානයේ කොරෝනා වෛරසය ආසාදිතයන් මිලියනයක සන්ධිස්ථානය කරා අද (06දා) ළඟා වූ බව එරටින් වාර්තා වෙයි.
මුදල් ඇමති ටාරෝ අසෝගේ රියදුරටද කොවිඩ්-19 වැළඳී ඇති නිසා අමාත්‍යවරයා නිවසේ ස්වයං නිරෝධායනය කිරීමට යොමුකළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
අසෝ රෝග ලක්ෂණයක් පෙන්වා නොමැති නමුත් PCR පරීක්ෂණයක් කළ අතර, එහි ප්‍රතිඵල හෙට (07දා) දැන ගැනීමට හැකි වනු ඇතැයි කියෝඩෝ ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
අද නව ආසාදිතයන් 15,645ක් වාර්තා වීමත් සමග, පසුගිය වසරේ වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සමස්ත ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් ඇති අතර, එය ජපානය රෝගය පාලනය කිරීමේ මුල් සාර්ථකත්වයට හානි පමුණුවා තිබේ.
ටෝකියෝ ඔලිම්පික් උළෙල ජූලි 23දා ආරම්භ වූ දා සිට එරට ආසාදිත සංඛ්‍යාව 144,000කින් වැඩි විය.