පසුගිය දිනක එක්තරා රූපවාහිනී නාලිකාවක ගිය වැඩසටහනේදී අතාවුල්ලා මහතා පාවිච්චි කරපු වචන තමන්ට දරාගන්න බැරි එකක් බවත්, මෙවැනි වචන නැවතත් නාලිකාවලට පැමිණ කියන එක සුදුසු නොමැති බවත්, එම කතාව තමන් හෙලා දකින බවත් හිටපු අමාත්‍ය හා කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
රාධාක්‍රිෂ්ණන් මහතා තලවාකැලේ ප්‍රදේශයේදී අද (26) මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙසේ පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය,
“අපි මේ රටේ පුරවැසියන් වගේම ජනතාව හැටියට මෙවැනි වචන පාවිච්චි කරන එක එතරම් හොඳ නැති බව පවසනවා. මැතිවරණය අවසන් වී දැනට සුමානයක් දෙකක් වෙනවා. ඒ නිසා අපට බලා ගත හැකියි මේ කෙටි කාලය තුළ අපිට පේනවා ජනාධිපතිතුමා හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එය සාර්ථකව ඉදිරියටත් ගෙන යාමට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. මෙම වැඩපිළිවෙල ගැන අපි සතුටු වෙනවා. ඉදිරියටත් මෙම හොඳ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යන්න ගැටලුවක් නැතිව අපි සහාය දෙනවා.
මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් තිබෙනවා. අපි පක්ෂයේ ඇතුලේ වැඩ කරන අය නොවෙයි. අපි පිට ඉඳල උදවු කරන අය. එක්සත් ජාතික පක්ෂයේ හොඳ නායකත්වයක් තිබෙනවා නම් අපිටත් ඉදිරියට එන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. මෙම ප්රශ්නය පුළුවන් ඉක්මනින් විඳලා හොඳ නායකයෙක් තෝරල ජනතාවට උදවු කරන්න එම නායකතුමාට අපේ සම්පූර්ණ සහාය ලබා දෙනවා. ජනතාවගේ මතය තමයි අපේ මතය. සජිත් ප්‍රේමදාස මහතා ආවොත් හොඳයි කියා අපිත් සිතනවා. ජනතාව එපා කියන මතේ සිටිනවා නම් අපිට ඕන කියන්නත් බෑ. ජනතා මතයට ගරු කරන්න අපි සූදානම්.
ජනාධිපතිතුමා මේ වනවිට රටේ පරිසරය පවිත්‍ර කිරීමට සිදු කරන ක්‍රියාව අපි අගේ කරනවා. ඒ වගේම වියදම් අඩු කිරීම සඳහා එතුමා ගන්නා ක්‍රියාමාර්ග අපි අගේ කරනවා. මේ රටේ ජනාධිපති එක් අයෙක් තමයි තේරිය යුත්තේ. එය සිදු කර තිබෙනවා. අපි ඡන්දය නොදුන්නත් එතුමා මේ රටේ ජනාධිපති. එතුමා කරන වැඩපිළිවෙල හොඳ නම් අපි එය අගේ කළ යුතුයි. එතුමාට සහාය ලබාදිය යුතුයි. එතුමා සමග ඡන්දය ඉල්ලීමට අපේ බලාපොරොත්තුවක් නෑ” යනුවෙන් ඔහු පැවසීය.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර
