ජනාධිපතිට පක්ෂපාතී ආණ්ඩුවක් නොමැතිව ප්‍රතිපත්ති හෝ අලුත් දෙයක් ක්‍රියාත්මක කරන්න බැහැ - ඇමැති චමල්
අනීෂා මානගේ
‘අපි ජනාධිපති හදාගත්තා. ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමාට පක්ෂපාතී පාර්ලිමේන්තුවක් නොමැතිව ඒතුමාගේ ප්‍රතිපත්ති හෝ අලුත් දෙයක් කරන්න බැහැ. ඒතුමාට පැහැදිලි දැක්මක් තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම කියලා විවිධ ක්ෂේත්රවලට ඒතුමා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ජනතාව අතට පත්කළා. ඒතුමාට අපි අවස්ථාව දෙන්න ඔ්නෑ ඒවා ක්‍රියාත්මක කරලා ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කර දෙන්න’ යැයි වාරිමාර්ග, කෘෂිකර්ම, මහවැලි සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(7) බෙලිඅත්ත වලවෙල ප්‍රදේශයේදී පැවැති ජනයමුවකට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
අපි හැමෝම බලන්නේ අපේ ගම දියුණු කරන්නයි. කෘෂිකර්මාන්තය සහ වාරි ක්ෂේත්රය දියුණු කරන්නයි.
මහින්ද මහත්තයාගේ රජය කාලේ ඇති කළ සියලු දේවල් පසුගිය අවුරුදු පහේදි අපිට අහිමි වුණා. අපේ සම්පත් විදේශීය ආයතනවලට විකිණුවා. අපේ ප්‍රදේශයට ඇති කළ ආර්ථික මර්මස්ථාන දෙකක් වන වරාය විකුණුවා. ගුවන්තොටුපොළෙහි වී දාල විනාශ කළා. කොහොමද රැකියා ඇතිවෙන්නේ. කොහොමද රටේ ආදායම් වැඩි වෙන්නේ. ඒයාලා කළේ හැමදේම විකුණන ඒකයි. කොළඹ වරාය නගරය තමයි අනාගතයේදී දකුණු ආසියාවේ ප්‍රධාන මූල්‍ය සහ වාණිජ නගරය බවට පත්වෙන්නේ. විවිධ රටවල්වලින් ඇවිත් ආයෝජනය කරනවා. මේ සියල්ලම පසුගිය ආණ්ඩුව නැවැත්වූවා. මෙයින් පාඩුව රටටයි යැයිද කීවේය.

popular news
-
Demuni Uduwara Wednesday, 08 July 2020 02:20 AM
Talk responsibility as a veteran politician. We need democratic govt not a dictator.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 08 July 2020 05:57 AM
The Constitution don't like what you said. Prime law still prevails in the country.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 08 July 2020 05:57 PM
We need a government with 'check
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
