එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් නැවත සේවයට පැමිණෙන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ස්කයි නිවුස් වෙත අදහස් දක්වමින් පැවසීය.
"මම ඊයේ අගමැතිට කතා කළා. ඔහු හොඳ තත්ත්වයේ ඉන්නවා. මට විශ්වාසයි ඔහුගේ වෛද්‍යවරුන් එය නිර්දේශ කළ විගස ඔහු නැවත පැමිණේවි" හැන්කොක් පැවසීය. "නමුත් තවම තීරණයක් ගෙන නැහැ. ඒත් අගමැතිතුමා ජාලගතව සම්බන්ධතා පවත්වාගෙන යනවා."
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය අමතමින් කියා සිටියේ තමන් බොරිස් ජොන්සන්ට දුරකථනයෙන් කතා කළ බවත්, ඔහු නැවත වැඩට යාමට සූදානමින් සිටින බවත්ය.