එක්සත් ජනපදය තුළ තාවකාලිකව අත්හිටුවා ඇති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නත නැවත ලබාදෙන්නේද යන්න පිළිබඳ තීරණයක් ලබන සිකුරාදා වනවිට පැමිණිය හැකි බව එක්සත් ජනපදයේ වසංගත රෝග උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
"අපි එය සමග යන්නේ කොතැනටද යන්න පිළිබඳව අපට පිළිතුරක් තිබිය යුතුයි. මෙම විරාමය දීර්ඝ කිරීමේදී අපි සිකුරාදායින් ඔබ්බට නොයනු ඇතැයි මා සිතනවා" ෆවුසි පැවසීය.
ඇමෙරිකානු කාන්තාවන් 6 දෙනෙකු තුළ දක්නට ලැබුණු රුධිර කැටි ගැසීමේ ආබාධයකට එන්නතෙහි පැවතිය හැකි සම්බන්ධතා පිළිබඳව රජය විසින් කැඳවන ලද විශේෂඥ මණ්ඩලයක් හරහා පරීක්ෂණ පවත්වයි.
එක් මාත්‍රාවක් එන්නත ලබාගෙන සති දෙකක් ඇතුළත කාන්තාවන්ගේ මෙම රුධිර කැටි ගැසීමේ සහ අඩු රුධිර පට්ටිකා තත්ත්වයන් වාර්තා වී ඇති බව එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් වාර්තා කර තිබේ. මෙම සියලුම කාන්තාවන් 18 ත් 49 ත් අතර විය.
මෙම රුධිර කැටි ගැසීමේ ආබාධවලින් පෙළෙන කාන්තාවන්ගේ රෝග ලක්ෂණ යුරෝපයේ දක්නට ලැබෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් දුර්ලභ අතුරු ආබාධවලට සමාන බවද කියැවෙයි.
මෙම එන්නත ඇමෙරිකානුවන් මිලියන 7.2කට පමණ ලබා දී ඇත. රුධිර කැටි ගැසීම පිළිබඳ දත්ත තක්සේරු කිරීමෙන් පසු අඟහරුවාදා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතෙහි ආරක්ෂාව පිළිබඳ සලකා බලන බව යුරෝපා ඖෂධ ඒජන්සිය සිකුරාදා ප්‍රකාශ කිරීමත් සමග ෆවුසිගේ අදහස් පළ විය.