ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 මර්දන යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයාගෙන් අනුමැතිය ලබාගෙන ඇති අතර, එය කලාපයේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා පළමු තනි මාත්‍රාවක එන්නත සඳහා මගපාදා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මුලින්ම එක්සත් ජනපදය තුළ භාවිතය සඳහා අනුමැතිය ලබාගත් අතර, දැනට භාවිත වන බොහෝ කොවිඩ්-19 මර්දන එන්නත්වල මාත්‍රා දෙකක් ලබාදිය යුතු වුවත්, මෙම එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් එන්නතක් වීම විශේෂත්වයකි.