එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වෛරසය මර්දන එන්නත තවත් මිලියන 100ක් ලබා ගන්නා ලෙස තම සෞඛ්‍ය කණ්ඩායමට උපදෙස් දී ඇතැයි ධවල මන්දිර නිලධාරියෙක් සඳහන් කර තිබේ.
එම එන්නත් නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන් හමුවීමෙන් පසු ඇමෙරිකානු නායකයා ඊයේ (10දා) මෙසේ උපදෙස් ලබාදුන් බව සඳහන් වෙයි.
මේ වනවිට ලොවපුරා භාවිත වන කොවිඩ්-19 මර්දන එන්නත්වල සෑම එකක්ම පාහේ මාත්‍රා දෙකකින් යුතු එන්නතක් වුවත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක කොවිඩ්-19 මර්දන එන්නකි.