ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කර තිබේ.
මෙම එන්නත එන්නත යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින්ද අනුමත කරන දිනකට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියද ඊට හිමිව ඇත.
"කොවිඩ්-19 ට එරෙහි සෑම ආකාරයකම නව්‍ය, ආරක්ෂිත හා ඵලදායී මෙවලමක්ම වසංගතය පාලනය කිරීමට තවත් පියවරක් බවට පත්වෙනවා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එක් මාත්‍රාවක එන්නතක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත, සෑම රටකම එන්නත් සැපයීමේ පහසුකම් අතරට එක්විය යුතු බව සඳහන් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ සමාගම විසින් නිකුත් කර ඇති විශාල සායනික අත්හදා බැලීම්වල දත්ත මගින් වැඩිහිටියන් සඳහා මෙම එන්නත ඵලදායී බවයි.