ජනවාරි අගවන විට එන්නත බෙදාහැරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඉතාලිය නිවේදනය කළේය.
ඉතාලි රූපවාහිනී නාලිකාවක් වන ලා 7 හි අදහස් දක්වමින් ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ කියා සිටියේ මෙම එන්නත මුලින්ම ලබාගත හැක්කේ රෝගයට වහා ගොදුරු විය හැකි හා වඩාත් අවදානමට නිරාවරණය වී ඇති අයට බවය.
දැනට එන්නත ස්වේච්ඡා පදනමින් ලබාදීම ගැන සලකා බලන බවද කොන්ටේ පැවසීය. එමෙන්ම එන්නත බෙදාහැරීම ආරම්භ වූ විට තමාද එන්නත ලබාගන්නා බවත්, ඒ වනවිට එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව තහවුරු වීම ඊට හේතුව බවත් අගමැති කොන්ටේ පැවසීය.