රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එසේම 2020 වර්ෂය සඳහා ඉල්ලුම් කරන ලද ජනමාධ්යෙව්දීන්ගෙන් සැලකිය යුතු පිරිසකට මේ වන විට එය නිකුත් කර ඇති බවත් ඔවුන් පවසයි.
කෙසේ වෙතත් ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් මේ දක්වා හැඳුනුම්පත් නොලැබී ඇති මාධ්‍යවේදීන්ටද සිය රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට තවදුරටත් පහසුකම් සලසන ලෙස තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව වර්ෂය සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පත මෙතෙක් නොලැබී ඇත්නම් 2019 වර්ෂය සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පතෙන් වලංගු කාලය 2020 ජුලි මස 15 දා දක්වා දීර්ඝ කර ඇතිබවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.