ආණ්ඩුවට විරුද්ධව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් ජනබලය කොළඹට නමින් සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාරය පැවැත්විමට නියමිතව තිබූ දිනය ඔවුන් වෙනස් කර තිබේ.
අපොස උස්ස්පෙළ විභාගය හේතුවෙන් ඔවුන් මෙසේ දිනය වෙනස්කර ඇති අතර අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා ව්‍යාපාරය සැප්තැම්බර් 05 දා දක්වා කල් දමා ඇත.
“ජනබලය කොළඹට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග පාවැති සාකච්ඡාවේදි එතුමා විශේෂ කරුණක් මතු කළා. අපි උද්ඝෝෂණය සංවිධානය කරලා තිබුණේ අගෝස්තු 17 වැනිදා. අගෝස්තු 17 වැනිදා අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයක්.
අපි හොයලා බලන කොට සැප්තැම්බර් 01 දා දක්වා විභාගය පැවැත්වෙනවා. අපි ආණ්ඩු විරෝධය ක්‍රියාත්මක කරනවා වගේම අපි මේ ආණ්ඩුවට එරෙහි වෙන එකක් තමයි මේ ආණ්ඩුව අනාගත පරපුරට එරෙහිව කරගෙන යන අත්තනෝමතික අදූරදර්ශී පාලනය.
අපි ඒ ආණ්ඩු විරෝධය ක්‍රියාත්මක කිරිමේදී මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ගේ විභාගයට අසාධාරණයක් වෙනනම් පළක් නෑ කියන එක තීරණය කළා. ඒ නිසා උසස් පෙළ විභාගය හේතු කාරණා කරගෙන අපි තීන්දු කළා මේ උද්ඝෝෂණය සැප්තැම්බර් මස 05 දා කොළඹදී පවත්වන්න.”
