ජනපතිවරණයට පෙර ස්ථිර වශයෙන් පළාත් සභා ඡන්ද විමසීම - ජනපති
ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අද (09දා) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක් මහජන හමුව මෙලෙස අද පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව නව නගරයේ දී පැවැත්විණි.
කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.
රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවයි.
ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

popular news
-
Nandana Saturday, 09 February 2019 10:02 PM
මොකද බයද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
