ජනපතිට වින කරන පිරිසක් ගැන වීරකුමාරගෙන් හෙළිදරව්වක්
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමේ සටනට සම්බන්ධ වූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින ජනතාවගෙන් කොටසක් අහිමිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් එකතුවෙමින් සිටි බවත්, මෙම කණ්ඩායම සිදුකරන කටයුතු නිසා එලෙස එකතුවන පිරිස් පවා කළකිරීමකට ලක්වන බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
බල්ලෝ බිරූ පමණින් කඳුපාත් නොවන බවත්, එහෙත් ඉදිරි මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට මෙම විවේචන බාධාවක් වන බවද කියා සිටියේය.
කිසිවෙකුටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිතක්සේරු කළ නොහැකි බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණයෙන් පසු රට තුළ සිටිය හැක්කේ කඳවුරු දෙකක් බවත්, එනම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂ කඳවුර හා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධ කඳවුර පමණක් බවද සඳහන් කළේය.
එහෙත් දේශපාලනය නොතේරෙන කීපදෙනෙකු කරන මෙම වැඩ නිසා කඳවුරු කිහිපයක් ඇති වී සජිත් ප්‍රේමදාස අගමැති කළ යුතු බවට මතයක් ඇතිවී තිබෙන බවත්, එහෙත් අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
-
Champa Wednesday, 29 January 2020 07:24 PM
ලංකාවම හිනා වෙන්න ඇති මේ කතාවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයින් වෙන්න කවුරුවත් නැහැ. වැදගත්ම දේ මේක නෙමෙයි. ගෝඨාභයට බැසිල්ට සිරිසේන නැතුව බැරි මොකොද කියන එක. අවුරුදු ගානකට ඉස්සෙල්ල කියපු දේම නැවත කියනව. රනිලුයි සිරිසෙනයි වගේ රූකඩ දෙකකට මහින්දව පරද්දන්න බැහැ. 2015 මහින්ද පැරද්දීම පිටිපස්සේ ඉන්නේ ගෝඨාභයයි බැසිලුයි, ඇමරිකාවයි ඉන්දියාවයි. ඉස්සරහට දැම්මේ රූකඩ දෙකක්. හැබැයි 2015 කුමන්ත්රණයේ බලාපොරොත්තු ඒ විදිහට ඉෂ්ඨ වුනේ නැහැ මහින්ද පාර්ලිමේන්තු ආපු හින්ද. එදා ඒ පාවා දීම කලේ බල තණ්හාවට. එදා ගෝඨාභයයි බැසිලුයි සිරිසේන එක්ක දාපු ඩීල් එක තමයි තාමත් යන්නේ. නැත්නම් මුළු රටම පිළිකුල් කරපු සිරිසේනව ජනාධිපතිවරනෙට ගත්තේ මොකොටද? මිනිස්සු පැත්තකට කරපු මිනිහව ඇදගෙන අරගෙන යන්නේ මොකොටද? ඇමරිකාවට ඕනේ වෙච්ච දේ අද වෙලා තියෙනවා ගෝඨාභය ජනාධිපති වෙලා. මහින්ද ඒ උගුලට අහු වුනා. ඇමරිකාවට එදත් අදත් තියෙන ප්‍රශ්නේ මහින්ද. රට වෙනුවෙන් කතා කරපු දේශප්‍රේමී හඬවලුත් ඔක්කොම අද නැවතිලා. ඇයි දැන් එකම පාවා දීමේ කඳවුර නියෝජනය කරන්නේ. ඉතින් කතා කරන්න බයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
