ජනපතිට එජාපය කඩන්න දෙන්නේ නෑ
ජනපති මෙත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් කිරීමට සැරසෙන බවත් එයට ඉඩ නොදෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම බෙදීමක් නෑ. දේශපාලන පක්ෂයක විවිධ කාරණා පිළිබඳව කතා වෙනවා. එක්සත් ජාතික පෙරමුණේත් බෙදීමක් නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ උවමනාව එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් හදලා අපිව දුර්වල කරන්න හදනවා.
මුලින්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ අතර බෙදීමක් කරන්න හැදුවා. අපේ සතුරාට අපිව දුර්වල කිරීමට හැකි කිසිම දෙයක් කරන්නේ නෑ. අපේ පක්ෂය ගැන ඉදිරි තීරණ ඒකමතික තීරණ ගන්නවා.
දැන් අපේ ආසන සංඛ්‍යාව 123ක් බවට පත්වුණා. අපිට මේ සංඛ්‍යාව තුනෙන් දෙකක බලයක් බවට පත්කර ගැනීමට අවස්ථාව තිබෙනවා”
popular news
-
chathuri Tuesday, 27 November 2018 05:24 PM
ඕකව එලියට. ඇදල අරන්. කනට දීලා සරම ගලවන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
