ජනපතිගේ සාධනිය කටයුතු සඳහා සහාය දෙනවා - මහේෂ්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරන බවත් නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙසත් ජනපතිධුර අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළ හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ සුදුස්සට සුදුසු තැන දෙමින් දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් තුළ ජනපතිවරයා කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවයි.
එසේම නැතිවෙමින් පවතින සංහිදියාව නැවත ඇති කිරීමට ජන කොටස් නැවත එකතු කර ගැනීම වැදගත් බවත් ඔහු පැවැසීය.
ජනපතිවරයා පත්කරගෙන තිබෙන්නේ ජනතාව හෙයින් රට වෙනුවෙන් ජනපතිවරයා ගන්නා සාධනීය ක්‍රියාමාර්ග සඳහා ජනපතිවරයා සමග හිට ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉදිරි මහ මැතිවරණය තීරණාත්මක බවත් එම මැතිවරණයේදී ජනතාව තෝරා බේරාගෙන අවංක, දූෂිත නොවන පුද්ගලයන් පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
“වැරදි පුද්ගලයන් පාර්ලිමේන්තු යැව්වොත් බලාපොරොත්තු වන වැඩ කොටස ඉටු නොවෙන්න පුළුවන්. බුද්ධිමත්, ප්‍රතිපත්ති ගරුක අය පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිිනවා”
popular news
-
Champa Wednesday, 27 November 2019 04:27 PM
NGOකාරයන්ගෙන් අයින් වෙලා අලුතින් පටන් ගන්න.
Reply : 0 0
සමරතුංග Thursday, 28 November 2019 10:35 AM
ඔබතුමා මේ කතා කරන්නෙත් විදේශ බලවේග වල උවමනාවටද කියලා කලින්ම කියන්න. අපිට ඔබගේ උදව් අවශ්‍ය නැති බව ලංකා වාසීන්ගේ පැතුම වනු ඇති. පසුගිය කාලේ කියපු බොරු අපි දැක්ක.
Reply : 2 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
