ජනපතිගේ ප්‍රකාශයෙන් පැය 42ක් අවසන් ආරක්ෂක නිලධාරීන්ගේ වෙනසක් නෑ
කොළඹ හා මඩකලපුවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ජාතිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23දා) සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශයන්හි ඉහළ පුටුවල වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ජනපතිවරයා ජාතිය අමතා මේ වන විට පැය 42ක පමණ කාලයක් ගතව ඇතැත් ආරක්ෂක අංශයන්හි ඉහළ පුටුවල කිසිම ආකාරයක වෙනසක් ඇති නොවීය. මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් සිටියි.
මේ අතර ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දැනුම් දුන් බවට තොරතුරු වාර්තා වුවත් මේ දක්වාම ඔවුන්ගේ ඉල්ලා අස්වීමක්ද සිදුනොවීය.
කෙසේ වෙතත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඉල්ලා අස්වී ඇති බවයි.
කෙසේ වෙතත් ඒ පිළිබඳව නිල නිවේදනයක් රජය නිකුත් නොකළේය.

popular news
-
upul Thursday, 25 April 2019 04:14 PM
අනේ මෙයාගේ ප්‍රකාස 2015 ඉදන් කොච්චර ප්‍රකාස කලාද? එකක් වත් කලාද ඒ ප්‍රකාස වලින් හරියට.
Reply : 0 1
මල්ලව Thursday, 25 April 2019 04:15 PM
මේ වෙලාවේ රටේ පාලකයෝ ඉන්නේ "කොහෙද යන්නේ මල්ලේ පොල්" කියන මානසික තත්වයේ. තමන්ගේ නොහැකියාව සහ වගකීම් විරහිත බාවය වසා ගැනීමට නිලධාරන්ට දොස් කීමෙන් වැඩක් නැ. රටේ දේශපාලකයින්ගේ රැලගේ නිවටකම් වලට සැම විටම වන්දි ගෙවන්නේ රට වැසියන්ය. රටේ නායකයින් අසාර්ථකවන විට රටම අසාර්ථකවේ. අතීශයින්ම දේශපාලන පාදඩකරණයට ගොදුරු වෙච්ච රටක රජයේ නිලධාරින්ට කරන්න පුලුවන් කෙංගෙඩියක් නැත.
Reply : 0 3
අයි. නන්දික Thursday, 25 April 2019 04:38 PM
මෙෙත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශ ගැන අපට මීට වඩා දෙයක් බලාපොරොත්තුවිය නොහැක. අවස්ථාව යට ගැසීම සදහා කුමක් හෝ කියා මග හැරීම අපට පසුගිය වසර කීපය පුරාම දැකිය හැකි විය.
Reply : 0 2
Duminda Thursday, 25 April 2019 06:42 PM
"No Burqa or Niqab"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

