ජනපතිගෙන් රාජ්‍ය සේවයට ආරාධනාවක්
මෙම වසරේ ඉටුකරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කළේය.
එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථික වශයෙන් මුහුණ දීමට සිදුවන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයකට බවත් මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් කිසි විටෙකත් සංවර්ධනය සහ මහජන සේවාවන් අඩ පණ නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරා මේ බව ප්‍රකාශ කළේ අද (11දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 3% ක - 4%ක වැනි අඩු මට්ටමක පවතින මෙරට ආර්ථික වර්ධන වේගය දේශපාලන කරුණු හේතුවෙන් තවදුරටත් පහළ වැටුණහොත් රටක් ලෙස නැගී සිටීමට එය කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බවයි.

popular news
-
Anthony Newton Saparamadu Tuesday, 12 February 2019 11:00 AM
To get the speedy development for our country, modern economic policies to be implemented. Unnecessary expenditures must be curtailed. Our nation should be directed towards to very strong work force as our ancient great kings.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
