ජනපති වූ මොහොතේම ගෝඨාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකියි - MS
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විද්වතුන් පන්සිය හතළිහකගේ හා ‘වියත්මග’ වැඩසටහන යටතේ පිහිටවූ අනුකමිටු විසිහතකගේ අදහස් හා යෝජනා මූලික කරගනිමින් සකස් කළ එකක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් හා යෝජනාද ලබාගෙන තිබෙන බවත්, මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය කල්ගෙන ජනතාව වෙනුවෙන් සකස් කළ ලියවිල්ලක් වන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගමක පවතින අඩුපාඩු සොයා විසඳුම් ලබාදෙන ආකාරය, ජාතික ආරක්ෂාව, කෘෂිකර්මාන්තය, පොදු පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ වැඩපිළිවෙළ ඇතුළත් බවද ඒ මහතා පවසා සිටියේය.
එබැවින් ජනාධිපති වූ මොහොතේ සිටම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කළ හැකි බවත්, ලංකාවේ ආරක්ෂාව පිළිබඳව දැනුම තිබෙන කෙනා තෝරන ලෙසට ඉල්ලීමක් කළහොත් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වනුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවත් මහින්ද සමරසිංහ මහතා අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
-
sirisena Monday, 28 October 2019 03:14 PM
පසුගිය රජය ට එක්සත් ජාතීන්ගේ සම්බාදක වැටීමට ආසන්නයේ සිටි බව ම වගකීමෙන් පැවසුව හා විදේශ බලවේග මහින්ද පරදු බව ඔහුගේ අනුගාමිකයන් පවසන විට මහින්ද පැරදුනේ විදේශිකයාගේ චන්දයෙන් නොව ලංකාවේ මිනිසුන්ගේ චන්දයෙන් බව පැවසු සමර sigha මහතාද මේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
