ජනපති දුන් පොරොන්දුව යුද හමුදාව ඉටුකරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ දරුවන්ට වු පොරෝන්දුව ඉටුකරමින් යුධ හමුදාව පාසලේ වල් වැදි තිබු ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරිම ( 20 ) දින ආරම්භ විනි .
ජනාධිපතිවරයා 19 දින පුත්තලම දිස්ත්‍රික්කයේ කල සංචාරය අතර තුරදී මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයට පැමින තිබුනී.
එහිදි සිසු දරු දැරියන්ට ඇති ගැටළු පිළිබදව ජනපති විමසා තිබුනී.
දරුවන් පවසා ඇත්තේ තමන්ට ක්‍රීඩා කිරිමට ඇති ක්‍රීඩා පිටිය වැසි දිනවලට ජලයෙන් යටවන බවත් අනික් දිනවලට ද එහි ක්‍රීඩා කිරිමට නොහැකි තත්වයක් මතුව ඇති බවයි .
එම ස්ථානයේ සිටම ජනාධිපතිවරයා යුධ හමුදාපති ශවේන්ද්රන සිල්වා මහතාට දුරකථනයෙන් අමතා අදාල
ක්‍රීඩාංගණය සකස් කිරිමට දන්වා තිබුනී.
ඒ අනුව 20 දින යුධ හමුදා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් අදාල ක්‍රීඩා පිටිය ඉදිකිරිම ආරම්භ කෙරුණි .
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

