ජනපති ගෝඨාභයට නිදහස හිමි වූ 35 වගන්තිය
ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය තැනීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එවකට හිටපු ආරක්ෂ ලේකම් ලෙස ගොනුකර තිබූ නඩුවෙන් අද (21දා) ඔහු නිදහස් කිරීමට කටයුතු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 වගන්තිය අනුව ජනපතිවරයාට මෙසේ නිදහස හිමිවූයේ ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට වන ප්රතිපාදනය හේතුවෙනි.
35 – 1 වගන්තිය - යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරණ අවස්ථාවකදී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙන් ලා කරන ලද හෝ නොකරන හරිල ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවැරීම හෝ පවත්වාගෙන යෑම හෝ නොකළ යුත්තේය.

popular news
-
Champa Thursday, 21 November 2019 03:30 PM
වගන්තිය හරි. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි මේ වගන්තිය අනුව ගෝඨාභයව ඔය කියන නඩුවෙන් නිදහස් කරන්න බැහැ. එකට හේතුව තමයි මේ වගන්තිය අදාල වෙන්නේ ජනාධිපතිවරයා එම තනතුරේ කරන හෝ කරපු රාජකාරි වලට අදාලව විතරයි නිසා. වෙනත්හ් විදිහකින් කියනව නම් මේ නඩුවට අදාල චෝදනා සිද්ධ කරන කොට ගෝඨාභය ජනාධිපති නෙමෙයි, ඔහු සිවිල් පුරවැසියෙක්. මේ ස්මාරක තැනුවේ ඔහු ජනාධිපති වෙලා ඉන්න කොට නම් මේ වගන්තිය උඩ නිදහස් කළහැකි. නමුත් මෙතන එහම එකක් නැහැ. මේ වගන්තියේ පැහැදිලිවම කියනව "ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරණ අවස්ථාවකදී" කියල. ඒ හින්ද මේ වගන්තිය අනුව නිදහස් කරන්න බැහැ. කවුද මේ නඩුකාරයෝ? මේ ගොල්ලෝ තමයි ලංකාවේ අධිකරණය දේශපාලකයන්ට කඩේ යවන්නේ. අධිකරණය ස්වාධීන විය යුතුයි කියන එක ව්‍යවස්ථාවේම තියෙනව. මේ තීන්දුව සම්පූරණයෙන්ම වැරදියි.
Reply : 0 5
Champa Thursday, 21 November 2019 03:47 PM
හැබැයි මේ වගන්තිය මෛත්‍රීට බලපානවා. ඒ කියන්නේ අර නඩුවක් තියෙන්නේ ගෙදර යන ගමන් උන්නු මන්දිරයත් අරන් ගියා කියල. මෛත්‍රී ඒ නඩුවෙන් නිදහස් මේ වගන්තිය අනුව. ඒ මොකොද කිව්වා නම් මෛත්‍රී ඒක කලේ පැහැදිලිවම "ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරණ අවස්ථාවකදී" නිසා.
Reply : 0 1
Champa Thursday, 21 November 2019 03:52 PM
කලින් වුනු දේවල් අනුව, මට තව කී දවසක් නිදහස් අදහස් ප්‍රකශ කරන්න ලැබෙයිද දන්නේ නැහැ. හැබැයි මම ඉතාම උග්‍ර ලෙස විධායක ජනාධිපති ධූරය ආරක්ෂා කර යුතුයි කියල කියන කෙනෙක් හින්ද මගේ කට වහැව්වොත් කාටද පාඩු? ඒ මොකොද කිව්වා නම් පොහොට්ටුවේ වැඩි පිරිසක් සහ යූඑන්පී කියන දෙකම විධායක ජනාධිපති ධූරය අහෝසි කල යුතුයි කියන නිසා.
Reply : 0 2
Champa Friday, 22 November 2019 09:12 AM
මට වැරදුනාද කියල බලන්න මම මේකේ ඉංග්‍රීසි එකත් කියැව්වා. ඒකෙත් පැහැදිලිව තියෙනව මෙහෙම. 35. Immunity of President from suit. (1) While any person holds office as President of the Republic of Sri Lanka, no civil or criminal proceedings shall be instituted or continued against the President in respect of anything done or omitted to be done by the President, either in his official or private capacity: දැක්කනේ :ජනාධිපතිවරයා කල හෝ නොකළ, නිල රාජකාරියක් ලෙස හෝ පෞද්ගලික මට්ටමින් කියල කියන්නේ. ජනාධිපතිවරයා ලෙස කියල පැහැදිලිව කියල තියෙන්නවා. තව කියනවා නිල රාජකාරියක් ලෙස හෝ කියල. ඒ කියන්නෙත් ජනාධිපති විදිහට කල දේවල්. මෙහෙම නිදහස් වෙන්න බැහැ. මෙතනට අදාළ වෙන්නේ ජනාධිපතිවරයා ලෙස ඒ කියන්නේ නොවැම්බර් 16 ජනාධිපතිවරයා විදිහට දුව්රුම් දුන්නට පස්සේ කරපුව. මහින්ද කිව්වා මේක නඩුව බොරුවක් කියල. ඉතින් නිර්දෝෂී භාවය ඔප්පු කරන්න බැරි කමක් නැහැනේ. ඕවා දෙනු පරහට කියල කියනවනේ. රට රාජ්‍ය නායකයා ආදර්ශමත් වෙන්නේ නැතුව බැහැනේ. ධනය බලය ඉදිරියේ අධිකරණය නීතිය නවන එක හෝ බයේ හැඟෙන එක හෝ අනාගත උසස්වීම් බලාගෙන හෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

