ශ්රී ලංකාවේ නව ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත චීන ජනපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.
අදාළ සුබ පැතුම් සහිත ලිපිය චීන ජනපතිවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
චීන ශ්රී ලංකා මිත්රත්තවය වෙනුවේන සිදුකළ අඛණ්ඩ සහායට ස්තූති ප්රකාශ කරන බවත් ද්විපාර්ශ්වීය සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුුතු කිරීම බලාපොරොත්තුවන බවත් චීන ජනපතිවරයා පවසයි.
එක් තීරයක් එක් මාවතක් සංකල්පයයටතේ දෙරටේ දේශපාලන, සංවර්ධන සහයෝගීතාව වර්ධනය කර ගනිමින් දෙරටේම ජනතාවටම ප්රතිලාභ අත්කර දිය හැකි අයුරින් චීන-ශ්රී ලංකා සබඳතාව නව මානයකට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරයි.
