ජනපති කිසිවෙක් අතනොගසන ක්ෂේත්රයකට අතගහලා තියෙන්නේ
සිරිසේන මහතා ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් අතගහන්නේ නැති ක්ෂේත්රයකට අත ගහලා තියෙන්නේ. මේ වගේ දේකට අත ගහලා ගොඩ එන්න බෑ. මේ රටේ කාටවත් ඒ තත්වයට පත්වෙන්න බැරි විශාල මාෆියාවක් තිබුණා. ඒ මත්ද්‍රව්‍ය මාෆියාවට අතගහන්න ජිවිතේ දන්දීලා තමයි අතගහන්න ඕන. ඒක තමයි ඇත්ත කතාව. මේ රටට කුඩු ගේන්න බෑ ප්‍රබල හයියක් තියෙන කාගේ හරි තල්ලුවක් නැත්නම්.ඒක තමයි ඇත්ත කතාව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පන්නල, ගෝනුල්ල ප්‍රදේශයේ පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් සඳහන් කළේ ,
මොකද අපේ රටේ කුඩු නිෂ්පාදනය කරන්නේ නෑ. කුඩු හදන්නේ ඔක්කෝම පිටරට. එහෙනම් මුහුදෙන් ගේන්න ඕන. නැත්නම් ගුවනින් ගේන්න ඕන. ගුවනින් ගෙනල්ලා රට ඇතුලට ගන්නත්,මුහුදෙන් ගෙනල්ලා රට ඇතුලට ගන්නත් ප්‍රබල දේශපාලන ශක්තින් ඇති ප්‍රබල වෙනත් ශක්තීන් ඇති පුද්ගලයෝ නැත්නම් අපේ රටට කුඩු ගේන්න බෑ. ඒ නිසා මේකේ උඩුගං බලා පිනන්න පටන් ගත්තා මෛත්‍රිපාල සිරිසේන මහතා.
ජනාධිපති කාර්ය සාධන බලකාය හැදුවා. එතුමා පැහැදිලිව ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා. අපේ තරුණ පරම්පරාව අපේ අනාගතය අද සියල්ල විනාශ කරගෙන යන්නේ. ඉස්සර කුඩු තිබ්බේ කොළඹ විතරයි. දැන් මේ පන්නල,සඳලංකාව ,මාකදුරේ මේ හැමතැනම තියෙනවා. ගම් දනව් සිසාරා අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික හොයාගෙන කුඩු ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකට විරුද්ධව හඩ නඟන්න පුළුවන් සහ ප්‍රායෝගිකව හඩනඟන්න පුළුවන් එකම රාජ්‍ය නායකයා වුණේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. අද බය නැතුව එතුමා ජිවිතේ දිලා ඒ වැඩේට අත ගහලා තියෙනවා. අපේ අහිංසක කොල්ලෝ ටික කුඩු වලට ඇබ්බැහි වුනොත් ඊට පස්සේ අපේ මුළු ජාතියම විනාශ වෙලා යනවා. අද වෙද්දි රාජ්‍ය බුද්ධි අංශ ඔක්කෝම මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙන්නේ.අද පාසල් දරුවෝ ඉලක්ක කරගෙන මේ දේවල් කරගෙන යනවා.මේ දේවල් නවත්තන්න දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා මේ වෙද්දි.

popular news
-
liyanage Wednesday, 13 February 2019 01:37 PM
ඔබ හරි .ජනාදිපති තුමාට අපේ ආචාරය
Reply : 0 0
[email protected] Wednesday, 13 February 2019 02:01 PM
Sirisena lied and cheated to the nation while safeguarding drug kingpins in his backyard
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
