ජනපති කාර්යාලයේ රියදුරෙකු කුඩු සමග අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන රියදුරෙකු සහ තවත් අයෙකු මත්කුඩු ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් විස්සක් සමග අරලංගවිල වැව අසළ දී (17දා) දින පස්වරුවේදී අත්අඩංගුවට අයත් බව අරලගංවිල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේ සහ අරලගංවිල නගරයේ පදිංචි කරුවන් දෙදෙනෙකු වෙයි.
එක් පුද්ගලයෙකු කොළඹ ජනාධිපති ලේකම් කාරයාලයේ රියදුරෙකු ලෙස සේවය කරන අතර අනිත් තැනැත්තා කොළඹ ප්‍රදේශයේම ති‍්‍රවිල් රථ රියදුරෙකු ලෙස සේවය කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් සහ මත්කුඩු (18දා) මනමිපිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව අරලගංවිල පොලිසිය කියයි.
හිගුරක්ගොඩ ඩබ්.ඒ. පියතිලක

popular news
-
Champa Monday, 18 February 2019 04:49 PM
මෙතන මොකක් හරි අමුත්තක් තියෙනවා නේද? එක පාරක් මෛත්‍රී අල්ලස සහ දූෂණය නැවැත්වීම ගැන හයියෙන් කතා කරන කොට ජාන්ධිපති ලේකම් කාර්යාලයේ එයාගෙම Chief of Staff සහ තව ලඟම නිලධාරියෙක් අල්ලස් අරන් අහුවුනා. දැන් මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීම ගැන කතා කරන කොට ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කාරයෙක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රියදුරෙක් අහු වෙනවා. නිකම් මේ කතාව කිව්වේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
