මේ දිනවල රෝගාතුරව සිටින ඉන්දියානු, තමිල්ණාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයෙකු හා ද්‍රවිඩ මුන්නේත්‍ර කළගම් පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි මහතාගේ සුවදුක් බැලීමට ඊයේ (30දා) ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුලු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් තමිල්ණාඩුවට ගොස් ඇත.
අනූ හතර වියේ පසුවන මුතුවේල් කරුණානිධි මහතා මේ දිනවල රෝගාතුරව තමිල්ණාඩුවේ “කාවෙරි” පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරුණානිධි මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර යැවූ ලිපියක් මෙහිදී ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් කරුණානිධි මහතාගේ පුත්‍රයකු වන එම්.කේ. ස්ටාලින් මහතාට භාර දී ඇත.
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

