විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජෝර්ජියාවට අද (17දා) ළඟා වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
හය වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඉතාලියේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා එම සංචාරය නිම කර අද අලූයම ජෝර්ජියාවේ ෂෝටා රුස්ටවේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළඟා වී තිබේ.
ගුවන් තොටුපළේ දී එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ශර්වාෂිද්සේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා පිළිගෙන ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව සමුළුව හෙට (18දා) පෙරවරුවේ ටිබිලිසි සම්මන්ත්රණ සහ සමුළු ශාලාවේ දී ඇරඹෙන අතර හෙට දිනයේම ජනපතිවරයා සමුළුව ඇමතීමට නියමිතය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේ දී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්වත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එකී හවුල්කාරිත්වය සමග එක් වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේ දී ශ්‍රී ලංකාව ඒ හා එක් විය. ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත් ප්‍රථම දකුණු ආසියාතික රට ද වෙයි.
මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 75 ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
