පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් නොව පෞද්ගලිකව ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රකාශ කරන බවට පැවැසූ බව ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවට මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නිල වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කර ඇති බවට පළවූ ව්‍යාජ මාධ්‍ය නිවේදනය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව පවසයි. මෙම ව්‍යාජ මාධ්‍ය නිවේදනය ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එම නිවේදනය ප්‍රතික්ෂේප කළේය.
“ඊළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තවම නම් කර නැති බව මෙයින් අපි දැනුම් දී සිටිමු. හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලා සිට මේ කූට ලේඛනය මුදාහැර තිබෙන බව පැහැදිලිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මගින් නොකරන බවත්, එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පෞද්ගලිකවම සිදුකරන බවත් මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී සිටී. “ යැයි එම නිවේදනයේ සඳහන්ය.
