පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙයි.
පුත්තලම, නීලබැම්ම ග්‍රාමය සෑම වර්ෂා කාලයකදීම ගංවතුරට ගොදුරුවන බව ප්‍රදේශවාසීහූ පවසති.
පුත්තලම ආණමඩුව සතිපොළ භූමියේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපතිතුමා සමග ඔවුහු මේ බව සඳහන් කළහ.
මේ පිළිබඳ අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු කර විධිමත් වැඩපිළිවෙලක් සකසන බව ජනාධිපතිතුමා ජනතාවට දැනුම් දුන්නේය.
ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන වනඅලි තර්ජනයට ස්ථීර විසඳුමක් ලබාදීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. පොහොර හිඟය ඇතුළු කෘෂිකාර්මාන්තය ආශ්රිත වෙනත් ගැටලු ද ජනතාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.
පුත්තලම නගරය ආසන්නයේ පැවති ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. අපේක්ෂක චින්තක මායාදුන්නේ මහතා එය සංවිධාන කර තිබිණි.
විල්පත්තුව වනෝද්‍යානයේ, එළුවන්කුලම පිවිසුමේ පාලම ප්‍රතිසංස්කරණය කර සංචාරකයින්ට පැමිණීමට අවස්ථාව සලසා දෙන්නැයි සංචාරක කර්මාන්තයේ නිරත පිරිස යෝජනාවක් ඉදිරිපත් කළහ.
සේනකුඩිරුප්පුව ග්‍රාමයේ පොළවෙන් මතුපිටට ජල ඉනීමක් සිදු වෙයි. ඒ නිසා ප්‍රදේශය ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ. මේ පිළිබඳව අදාළ පාර්ශව දැනුවත් කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
භෝග වගාව සඳහා කලාඔයෙන් ජලය සපයා ගැනීමේ යෝජනාවක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නොරොච්චෝලේ තාප බලාගාරයේ ගිවිසුම් ප්‍රකාරව ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා නොලැබීම සම්බන්ධයෙන් විසඳුමක් දෙන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා අතුළු පිරිසක් මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.