ජනපති අද ජාතිය අමතයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) ජාතිය ඇමතීමට නියමිත බව වාර්තා වෙයි.
ඊට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමටද නියමිතය.
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය, රටේ ආර්ථිකය හා රට වසා දැමීමට ඇති අපහසුතා පිළිබඳව මෙහිදී ජනපතිවරයා විසින් ජාතිය හමුවේ පැහැදිලි කිරීමට නියමිතය.
අවම වශයෙන් සති තුනකට රට වසා දමන ලෙස ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් ඊයේ ලිඛිතව ජනපතිවරයාගෙන් ඉල්ලා සටියේය.
එසේම මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ද ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කළේ අවම වශයෙන් සතියකට හෝ රට වසා දැමීමට කටයුතු කරන ලෙසයි.
අජන්ත කුමාර අඟලකඩ
popular news
-
rocky Friday, 20 August 2021 07:16 AM
Eeta pera Jaathiya Janaadhipathiwa amathayi da?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

