මෙවර ජනපතිවරණයට තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. අම්බලන්තොට පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“තවත් මාස කිහිපයකින් රටේ අනාගතය තීන්දුවන ජනපතිවරණය පැවැත්වෙනවා. විවිධ අය විවිධ ප්‍රකාශ කරනවා. නමුත් එකක් පැහැදිලියි. මෙවර ජනපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා.
ඒක ගැන ආයේ තර්කයක් විතර්කයක් නෑ. රටක ජනතාවට ප්‍රජාතන්ත්‍රවදී අයිතිය ලබාදෙන ගමන් අපි ජාතික ආරක්ෂාවටත් මුල් තැන දෙනවා.
මේ රටට අවශ්‍ය සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කරන පාලනයක්”