ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බව කැෆේ සංවිධානය පවසයි.
මීට සතියකට පමණ පෙර මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර පැවති සාකච්ඡාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙම මැතිවරණ දෙක එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බැවින් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එක ම දිනයක නොපවත්වන බව පැවැසූ බවත් එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ජාතික දේශපාලනය කෙරෙහි දක්වන උනන්දුව පළාත් දේශපාලනය කෙරෙහි නො දැක්වීම බරපතළම තත්ත්වයක් එම සංවිධානය පවසයි.
ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පළාත් සභා මැතිවරණය නියමිත කාලයේ දී පැවැත් වීමට කිසිදු උනන්දුවක් නොතිබූ බව පෙන්වා දෙන කැෆේ සංවිධානය පවසන්නේ ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සාධනීය කරුණක් බවයි.