ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක් බවද ජනාධිපතිවරයා පවසයි.
මෙම ප්රජාතන්ත්රවාදය රට තුළ තහවුරු කිරීමට හැකි වූයේ පසුගිය කාලයේ දී රජය විසින් සිදු කළ පුළුල් දේශපාලන ප්රතිසංශෝධන නිසා බව ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට අද (04දා) පෙරවරුවේ එක්වෙමිනි.
ලෙබනන් ජනරජය, නයිජීරියාව සහ යුරෝපීය සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙක් අද පෙරවරුවේ සිය අක්තපත්‍ර පිළිගැන්වූහ.