2020 වසරේ මුල් මාස 4ක කාලයේ රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් ඇතුළත් කර අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ වසර අවසානයේදී ජනපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව පත්වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව රජයේ නව ප්‍රතිපත්ති මූලික කර ගනිමින් 2020 සඳහා අයවැය සකස් කිරීමට හැකිවන පරිදි 2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා මෙසේ අතුරු සමම්ත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය.
එසේ සකස් කරන අතුරු සම්මත ගිණුමට පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගත යුතු වෙයි.